Friday, 27 March 2015

කුරුසේ පාද නමස්කාරය...

1 වෙනි ස්ථානය
ජේසු ස්වාමි ඳරුවෝ මරණයට තීන්දුව ලබන සේක!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

මම මේ ස්ථානයේ හුගාක් වෙලාවට කල්පනා කරන දෙයක් තමයි, අපිට බැරිද මේ ස්ථානය ගැන වෙනස් විදිහකට දකින්න කියලා...

ඒ මොකද, අපි "ජේසු ස්වාමි ඳරුවෝ මරණයට තීන්දුව ලබන සේක!" කියලා කියද්දි, කාටහරි කියන්න පුළුවන්, "ඉතිං මට මොකද" කියල...

ඒකට හෙතුව තමයි, මේ වාක්‍යය තුල වගකීමක් ගන්න මනුෂ්‍යයෙක් ගැන කිසිම සඳහනක් නැහැ...

මේක සිංහලෙත් එහෙමයි, ඉංග්‍රීසි වලත් එහෙමයි, ප්‍රංශ භාෂාවෙත් එහෙමයි...

කෙනෙකුට කියන්න පුළුවන් මේක කර්ම කාරක වාක්‍යයක් කියලා...

එකඟයි, නමුත් මම මේක දකින්න කැමති භාෂාවේ තියෙන ව්‍යකරණ පිළිබඳ ප්‍රශ්නයකට වඩා, අපේ මනුෂ්‍යය සිත පිලිබදව තියෙන ප්‍රශ්ණයක් හැටියටයි...

ඒ මොකද, මනෝවිද්‍යාවේ අපි කියන හැටියට, අපිට අවශ්‍යය නම් අපි ක්‍රියා කරන ආකාරය වෙනස් කරන්න, එහෙනම් අපි පළමුවෙන්ම කල යුතු වන්නේ අපි හිතන ආකාරය වෙනස් කිරීමයි...

ඒ මොකද, උදාහරණයකට, අපි ධනවාදීව හිතුවොත්, අපි කථා කරන වචන, අපි ක්‍රියා කරන විලාසය ධනවාදී වෙනවා. නමුත් අපි සෘණවාදී වුනොත්, ඒකෙ ප්‍රතිඵලත් ඒ හා සමානයි...

අන්න ඒ නිසා වෙන්න ඇති ජේසුත් කිව්වේ, "සිතින් උතුරා යන දෙය කටින් පිට වේ" කියලා...

අන්න ඒ නිසා, අපි චුට්ටක් මෙ ස්ථානයේ නැව්තිලා කල්පනා කරමු...

'අපිට පුලුවන්ද අපි හිතන ආකාරය වෙනස් කරන්න'...

අන්න එවිට අපට ඇසේවි එදා පිලාත් අහපු ඒ ප්‍රශ්නයත්, අපි දුන්නු ඒ උත්තරෙත්...

පිලාත් අහනවා, "මා ඔබෙ රජුට කුමක් කරනවාට ඔබ කැමතිද?"

අපි කියනවා, "ඔහු මරව, ඔහු මරව...ඔහුව කුරුසේ ඇණගසා මරව" කියල...

අන්න එතනයි අපි ජේසුව තීනිදු කෙරුවෙ, අන්න එතනයි අපි වගකීම ගත යුත්තේ...

අපි අපේ පාපයට, අපේ මනුෂ්‍යය දුර්වලකමට, අපේ වැරදිවලට දෙවියන් වහන්සේ ඉදිරියේ වගකීමක් ගන්න අන්න එදාට, අපි ඒ වගකීම අපේ ජීවිතය තුල ගන්න සෑම සුළු මොහොතකම, අපිට පුලුවන් වෙයි මේ පාදනමස්කාරය විතරක් නෙමේ, අපේ මේ මුළු ජීවන චාරිකාවෙම පලවෙනි ස්ථානය සැබෑ මනස්ථපනයකින් යුතුව නැවත නැවතත් පටන් ගන්න...

අන්න ඒ දවසට, ජේසු අදට වඩා සතුටින් එදාට අපි උන්වහන්සේට දුන්නු මේ තීරණය භ)ර ගනී, ඒ මොකද, මනුෂ්‍ය අපේ සැබෑ සිත් හැරීම තුල, අපි අදහන මේ දෙවියන් වහන්සේට බැහැ මුකුත් නොකර ඉන්න; උන්වහන්සේට බැහැ ඊටත් වඩා ගැබුරින් උන්වහන්සේගේ ආදරය අපිට නොපෙන්වා ඉන්න...

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!



7 වෙනි ස්ථානය
ජේසු ස්වාමි ඳරුවෝ කුරුසේ බරින් දෙවෙනි වරටත් බිම වැටෙන සේක!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

කුරුසේ බරින් වැටි වැටී කපාල කන්ඳ නඟින මේ ජේසු, කවදාවත් ජීවිතේට කන්ඳක් නැඟපු නැති කෙනෙක් නෙමේ....

ඒ මොකද, ශුද්ඨවු මතෙව් තුමාගේ ශුවිශේෂයේ, 14: 23, අපිට කියනවා, "උන්වහන්සේ ඔවුන්ගෙන් නික්මී උස කන්ඳකට වැඩිය සේක. රාත්‍රිය උදා ඌයෙන්, උන්වහන්සේ එහි රැදීසිට යාඤ්ඤා කල සේක", කියලා..

නමුත්, එදා උන්වහන්සේ නැගපු ඒ කන්දයි, අද උන්වන්සේ නගින මේ කන්දයි අතර ලොකු වෙනසක් තියෙනව....

එදා තාබෝර් කන්ඳේදී හිරු මෙන් දිළිසුනා ජේසුගේ මුහුන, අද මේ ගොල්ගොතාව කන්ඳේදී ලෙයින්,දහද්දියෙන්, කෙළ වලින් විරූපී වෙලා...

එදා ඉහලට තිබූ සෑම අඩියක් අඩියක් ගානෙම අබ්බා තාත්තට ටිකෙන් ටික ලංවුන ජේසු, අද මේ ඉහලට තියන සෑම පියවරක් පියවරක් ගානෙම අහනව අති, "අබ්බා තාත්තේ, ඔබ් කොහෙද?" කියලා...

එදා ඒ තාත්තත් එක්ක, කඳු මුඳුණක අතිවු සුහඳ සන්වාදයකින් තමන්ගේ ජීවිතේට ශක්තියක් සොයපු ජේසු, අද ඒ ශක්තිය නැතුව මේ ගොල්ගොතව කන්ඳේ බිම ඇද වැටිලා....

 අපි මොහොතක් කල්පනා කරමු...

අපිත් මේ වගේ නේද? නමුත් ජේසුයි අපියි අතර තියෙන වෙනස තමයි, ජේසු නැගිටිනවා, අපි නැතිවෙනවා...

ජේසු මනුෂ‍යෙක් හැටියට වැටෙනවා නමුත් ඳෙවියන් වහන්සේ තුල නැඟිටිනවා, අපි මනුෂයො හැටියට වැටෙනවා නමුත් අපි තුල දෙවියන් වහන්සේට ස්ථිර වාසස්ථානයක් නැති නිසා අපිට වැටිච්ච තැනින් නැගිට ගන්න බැහැ...

ඒත් අපි ඇහුවොත්,"ජේසුනී ඇයි මේ" කියල... උන්වහන්සේ අපිට කියන්නට යනවා, "මගෙ පුතේ, මගෙ ඳුවේ, මට ඔබේ බැරි කම, මට ඔබේ දුබලකම හොඳට තේරෙනවා...ඒ නිසාම මම ඔබට ආදෙරෙයි, ඒ නිසා මම මේ ගමන වැටි වැටී හෝ යන්න තීරණය කෙරුව",යි කියලා...

අපි කල්පනා කරමු...

අපිට පුලුවන්ද මෙවැනි ආදරයක් ඉස්සරහ අපේ හිත් තවත් උනු වෙන්නට නොදී තද කරගෙන ඉන්න?

අපිට පුලුවන්ද මෙහෙව් ප්‍රෙමයක් ඉස්සරහ අපේ ජීවිතයේ වෙනසක් ඇති කර නොගෙන ඉන්න?

අපිට පුලුවන්ද, "ජේසුනී, මනුෂයෙක් හැටියට මම වැටුනට, ඔබවහන්සේ තුල මට නැඟිටින්න පුලුවන්" කියලා එකම අදිෂ්ඨානයෙන් යුතුව ජීවිතයේ හැම මොහොතකම කියන්න?

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!



10 වෙනි ස්ථානය
ජුදයෝ ජේසු ස්වාමි ඳරුවන්ගේ වස්ත්‍ර කඩා දමති!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

අපි හුගාක් වෙලාවට මේ ස්ථානයේ කල්පනා කරන දෙයක් තමයි, "අනේ, ජේසු කොයිතරම් නම් ලැජ්ජාවට පත්වෙන්න ඇතිද", කියලා...

ඒත් අපි ඊට පොඩ්ඩක් ඔබ්බට ගිහින් කල්පනා කෙරුවොත්, අපිට ලැජ්ජා වෙන්න වෙන්නෙ අපි ගැනමයි...

ඒ මොකද විලි ලැජ්ජාව හොඳ හැටි දන්න අපි, ඒ වෙදනාව හොඳින් හඳුනන අපි, ඒ දේ දැන දැනත් තවත් කෙනෙකුව නිර්වස්ත්‍ර කරන්නට තරම් අපේ මනුෂයත්වය අධම කරගෙන, දුෂ්ඨ කරගෙන...

අපි තව කෙනෙක්ව නිර්වස්ත්‍ර කරනව විතරක් නෙමේ, ඒ නිරුවත් කිරීම නිසා ඒ කෙනා ලැජ්ජාවෙන් ඇබරෙද්දි, අපහාසයට පත් වෙද්දි, ඒක බල බල සතුටු වෙන්නට තරම්, ඒ වස්ත්‍රයට දාදු දමන්නට තරම් අපේ මනුෂයත්වය අද පහත් වෙලා, නීච වෙලා...

ඒ නිසා අපි ලැජ්ජා වෙන්න ඔනෙ, නිරුවතින් ඉන්න ජේසු ගැන නෙමේ, නමුත් උතුම් මනුෂයත්වය නීච කරන මේ අපේ වැඩ ගැනමයි, අපි අපි ගැනමයි...

අපි මඳක් කල්පනා කරමු...

මමත් මේ නිරුවත් කිරීමට පංගු කාරයෙක් නේද...

මමත් මේ ජීවිතේ මගෙ සහෝදරයාව නිර්වස්ත්‍ර කරල තියෙනව නේද, නිර්වස්ත්‍ර කරනව නේද...

මේ නිරුවත් කිරීම, කායික නිරුවත් කිරීමක් වෙන්න පුලුවන්, මානසික නිර්වස්ත්‍ර කීරීමක් වෙන්න පුලුවන්, ආර්ථික වශයෙන් තව කෙනෙක්ව වැටෙද්දි අපි සතුටු වෙන්නට ඇති, එහෙම නැත්නම් එහෙම කරලා හෝ අපි සතුටු වෙන්නට ඇති, ආගමික වශයෙන් අපි අපේ සහෝදරයාව නිර්වස්ත්‍ර කරලා ඇති, දේශපාලනමය වශයෙන්...

මේ හැම මොහොතක්ම සිහිකර, අපි ජේසුට කියමු, " ජේසුනී, මට ලැජ්ජයි...මගෙ සහෝඳරයා තුල ඔබ වහන්සේ නිරුවත් වන හැම මොහොතකම මට මගේ නිරුවතයි පෙනෙන්නෙ...ඔබගේ වෙඳනාව තුල මට මගේ වේඳනාවයි ඳැනෙන්නෙ...මට සමාවෙන්න..."

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!



13 වෙනි ස්ථානය
ජේසු ස්වාමි ඳරුවෝ කුරුසයෙන් බාන ලදුව, තමන්ගේ පිරිසිඳු මෑණියන්ගේ උකුලෙහි පුණවනු ලබන සේක!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

මේ දේව අම්මා ජෙසුත් එක්ක තමන්ගේ ජීවිතයේ නොහිටිය තැනක් නැහැ...

අපිට පුලුවන්නම් 'ග' නු 4ක් මතක තියාගන්න, අපි ජේසුගේ ජීවිතය සාරංෂයක් හැටියට දන්නවා...

      1. ගවලෙන - ක්‍රිස්තුස් වහන්සෙගේ මනුසත්බව ලැබූ උපත තුල, ඳේව අම්මා හිටියා;
      2. ගලීලය - ජෙසුගේ ප්‍රසිද්ධ ජීවිතේ තුල, ඳේව අම්මා හිටියා;
      3. ගොල්ගොතාව - ජෙසුගේ දුක්විඳීම හා මරණය තුල, ඳේව අම්මා හිටියා;
      4. ගල්ළෙන - ජේසුගේ මරණය පරාජය කර උත්ථාන වීම තුල, මේ ජේසු අම්මා හිටියා...

ඒ නිසා ජේසුගේ මළ සිරුර තියාගෙන ඉන්න මේ ඳේව අම්මා, මේ උකුළෙ තියාගෙන ඉන්නෙ ජේසුගේ ශරීරය විතරක් නෙමේ, පාපයට මැරුන, පාපය පරාජය කර නැගිටින්නට උත්සහ කරන අප හැමගේම ශරීරවල්...

එතුමිය, එදා ජේසුත් එක්ක හිටිය වගේ, අපිට දැනුනා හෝ නොදැනුනා, අපිත් එක්කත් අපේ ජීවිතේ සෑම මොහොතකම ඉන්න ඇති...

අපි මොහොතක් කල්පනා කරමු...

මට පුලුවන්ද, ජීවිතේ සෑම මොහොතකම, ඒ වගේම දවස හමාරකර රෑ නින්දට යන්න මත්තෙන්, මෙන්න මෙ ප්‍රශ්නය ජේසු අම්මගෙන් අහන්න, "අම්මේ, අද දවස දිහා හැරිලා බලද්දි, මම ඔබ තුරුළට එන්න සුදුසුද?"

 මොකදඅපිට ඳේව අම්මගේ සළුවෙ එල්ලිලා ඔංචිලි පදින්න පුලුවන්නම්, අපි ඒ තරම් මේපාපයේ බැම්මෙන් නිදහස් නම්අපිට ඳේව අම්මගෙ තුරුලේ හුරතල් වෙන්න පුලුවන්නම්, අපේහදවත් ඒ තරම් පිරිසිඳුනම්අන්න  දේම අපිට හොඳ සළකුණක් අපි ජෙසුත් එක්ක උත්ථානවෙන්න වරම් ලබා තියෙනවා කියලා හඳුන ගන්නඳෙවියන් වහන්සේව මුහුනට මුහුන ඳකින්නවරම් ලබා තියෙනවා කියලා ස්ථිරලෙස වටහා ගන්න...

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!

Monday, 29 September 2014

ආදර ලොකු අම්මා!


කැත කුණු ඔබයි අත ගෑවේ අප හැමගේ
අම්මා ළගට ලොකු අම්මා ඔබ අපගේ 
අපෙ පින්තූරු දෙව් පාමුල, ඔබ යැද්දේ 
නිදුකින්, යහපතින් ඉන්නයි ඒ පැතුවේ

හැඩිදැඩිවුනු අප හැමගේ හොද දවසේ
සාරිපොට හපාගෙන ඔබ සතුටින් හැඬුවේ
අපි ලෙඩ දවසේ හෝ දුක්වූ ඒ දවසේ
චීත්තේ කදුළු, ඔබ දෙවියන්ටම කීවේ

මුහුදු හතක් හෝ කොච්චර දුර සිටියත් 
කල කී දෑ තුලින් දැණුනා ඔබෙ යැදුමන් 
ඔබ නැති අඩුව දැනේවි අපෙ හෙට දවසේ
දෙවි තුරුළට වෙලා යදින්න ඔබ ඒ දවසේ 

ග්‍රබ්‍රියෙල්, මිකායෙල්, රෆායෙල් ඳූතයෙනී
ඔබෙ මංඟළ දිනේ ඈ ගෙන යන්න ගියේ
දෙව් මව් තුරුළෙ ඈ සැතපුන මේ දවසේ
සුරකැළ පිරිවරා ඈ අප දෙස බලනු දැනේ

අම්මට අම්මා, අප හැමගේ ලොකු අම්මා
බැහැ ඒ අඩුව පුරවන්නට කිසි දිනෙකා 
ඔබ ගිය දෙවිඳු මඟ අප හැම ය ලෙසිනා
දෙව් ළඟ ඉදන් යදින්න ආදර ලොකු අම්මා!

Saturday, 12 October 2013


Children...
Did you know
How Joyful I was
Each time you lingered around me?
You elevated my drooping spirit
Every time you laughed stealthily or aloud;
You soothed my unwanted worries
Each time I heard your voice, so sweet;
You gave me a deep sense of responsibility
Every time you listened to me so carefully;
You enhanced my capacity to forgive
Each time I saw yourselves reconciling, with no strings attached;
You wide-opened my doors of love
Every time your love reached beyond caste, class, colour or creed barriers;
You made me hopeful for a better tomorrow
Each time I think of you as “God is still hopeful of the world”;
Above all my dear little ones,
You make me a child again and again
Every time I experience your touch, so pure, and your love, so tender;
May you have a happy day!
I Love You All!

Saturday, 27 April 2013

විවර කරනු මැන සමිඳුණේ...


විවර කරනු මැන සමිඳුණේ 
වාන් දොරටු මගේ ජීවිතේ 
මම සූදානම් අස්වද්දන්නට 
සාර කෙතක් සමිඳුණේ 

ගලමින් තිබු මගෙ ජීවිතේ 
අයාලේ යන ගඟක් සේ 
වාන් දමා ඔබ පොහොනි කලේ 
ජීවන ජලයෙන් පිරවූයේ 

අස්වනු හිඳිලා හිත් ඉරි තැළිලා 
සාර කෙතේ දැන් ව්ල් බෝවීලා 
වාන් දොරටු මගෙ විවර කරනු මැන 
මම සූදානම් කෙත අස්වදනට

Friday, 26 April 2013




Inside this robe
How much I feel love!
To touch and to be touched,
Tender caresses and gentle embraces
Both to render and to recieve ;

Inside this robe
Full of flesh and full of blood ;
Can I scream aloud what my flesh so desires 
When my blood rushes through deep inside me?
And How I listen indefferently when she feels for me!

Inside this robe
Is a man fully alive and fully divine,
Sensitive to human and attuned to Divine;
Yet, the divine touch is more gentler than the humans',
Yes, it pierces my skin and touches the finest of my being. 

Saturday, 20 April 2013

There is hope
Just one hope
Rooted deep inside my heart
That is,

Let’s meet together ‘Tomorrow’!

Yet,
Who can think of tomorrow?
It may be so far,
It may not be so near,
It may be so brief, or
It may never come.

But,
I keep the hope and treasure the wish
Just one wish
Could be a dream
That is,

Let’s meet together ‘Tomorrow’!

‘Tomorrow’!
Tell me!
When are you coming?

Monday, 8 April 2013

O My Mother Dearest,
Among the thousands
Only you were chosen
To be the Mother of Christ
And of mine;
Tell me my Mother Dearest!
Tell me why?
What was the secret
That pleased the father so Sacred?
Is it your Simplicity?
Or your Humility?
Or your apparent Purity in heart?
Tell me my Mother Dearest!
Tell me why?
So that, I too may become
A handmade of God.