Showing posts with label France. Show all posts
Showing posts with label France. Show all posts

Monday, 1 August 2016

« Donnez-leur vous-mêmes à manger »

Une méditation sur l'évangile et la première lecture d'aujourd'hui [Jr 28, 1-17 ; Mt 14, 13-21]




Mes sœurs et mes frères,

Selon Sigmund Freud, l’être humain a faim de sexe ; selon Éric Ericsson dit, l’être humain a faim d’amour ; mais Jésus dit,  « Donnez-leur vous-mêmes à manger »[1].

« Qu’avons-nous nous-même à donner ? »

J’étais étonné par cette remarque de Jésus,  « Donnez-leur vous-mêmes à manger ». C’est parce que, c’est une remarque apparemment stupide, apparemment paradoxale et apparemment illogique de la part de Jésus.  

C’est d’abord stupide, parce que ce n’est pas Jésus qui a pris le premier rôle. C’est plutôt les disciples qui s’approchent de Jésus premièrement, intervenant de la part de la foule, environ cinq mille personnes, sans compter les femmes et les enfants. Ce sont les disciples qui sentent en premier le besoin du moment, le besoin de la foule et leur propre incapacité à leur donner à manger eux même. C’est là que jésus leur dit : « Donnez-leur vous-mêmes à manger ».

C’est aussi paradoxale, parce que c’est Jésus, le maitre qui a appelé ses disciples en disant : « suis-moi »[2], ou encore « le Fils de l’homme n’a pas de lieu pour reposer sa tête »[3], lui qui est un prêcheur itinérant, il dit ici à ses disciples : « donnez-leur vous-mêmes à manger ».

C’est également illogique, comme au moment où jésus demande à la femme au puits, « Donne-moi à boire »[4] et en fait, au cours du discours c’est Jésus qui dit à la Samaritaine : « Quiconque boira de l’eau que je lui donnerai n’aura plus jamais soif ».[5]  C’est Jésus de nouveau qui demande ici à ses disciples, « Donnez-leur vous-mêmes à manger ».

C’est vrai qu’on peut expliquer ce passage de l’évangile soit comme un miracle de Jésus en tant que ‘multiplication du pain et des poissons’, soit comme un miracle de Jésus dans lequel il y a eu une multiplication de cœurs, de bonté, de volonté des gens qui, par conséquent, commençaient à partager avec les uns et les autres les petites choses, des petits gâteaux, des petits biscuits, des petit bonbons, qu’ils ont apporté avec eux.

Malgré toutes les différentes perspectives et différentes interprétations possibles, ce qui m’a beaucoup occupé est la question : N’est-il pas vrai que jésus est en train de tester ou mettre à l’épreuve ses disciples quand il dit, « Donnez-leur vous-mêmes à manger ».

C’est parce que la remarque de Jésus, « Donnez-leur vous-mêmes à manger » met ses disciples entre deux mondes : le monde de « l’avoir plus » et le monde de « l’être plus » ou du « devenir plus ». Autrement dit, le monde de la matérialité et le monde de la spiritualité.

Le moment où jésus leur dit, « Donnez-leur vous-mêmes à manger », les disciples répondent immédiatement : « Nous n’avons là que cinq pains et deux poissons ». Cette réponse des disciples indique leur concentration surtout sur les choses terrestres, leur préoccupation sur les choses de ce monde et sur les choses matérielles qui vont se détériorer et être détruites.

Face à ce Maître spirituel, Jésus, j’aurais aimé entendre de la part des disciples une réponse comme, « Maître, ne t’avons-nous pas suivi dans la pauvreté ? N’avons-nous pas laissé nos maisons, nos filets de pêche, nos terrains fertiles pour te servir ? Ainsi, comment ne voies-tu pas que nous sommes ici confiant dans la Providence, dans la paix et la liberté intérieure ? »

C’est exactement ce qu’on a entendu dans la première lecture, le débat entre Ananie, le faux prophète et Jérémie, le vrai prophète. Tandis que Ananie parle d’un joug de la vengeance parce qu’il a besoin d’avoir plus, Jérémie parle d’un joug de la paix parce qu’il a besoin d’être plus, de devenir plus, à la fois, personnellement et collectivement.    

Aujourd’hui nous sommes appelés à être disciples dans un monde de l’avoir plus, d’avoir plus de puissance, de richesse, d’honneur et, par conséquent, on se trouve dans un monde où l’humanité tue l’humanité, où l’humanité est en vengeance avec elle-même. C’est en ce moment, quand l’humanité est saignée par les forces barbares, que Jésus nous dit : « Donnez-leur vous-mêmes à manger ».

Après avoir parcouru dans la vie jusqu'à aujourd'hui, quelle est notre réponse à la question de Jésus « Donnez-leur vous-mêmes à manger ? »

« Qu’avons-nous nous-même à donner ? ».



Rashmi Fernando S.J.




[1] Mt 14, 16.
[2] Mt 4, 19 ; 8, 22 ; 9, 9 ; 19, 21 ; Mc 2, 14 ; 5, 27 ; Lc 9, 59 ; Jn 1, 43.
[3] Mt 8, 20.
[4] Jn 4, 7.
[4] Jn 4, 14.

Sunday, 6 March 2016

We are indeed proud of you!


Dearest Nango, 

I still remember the very first day, 
I caught your finger, so tiny and tender, 
Though secretly but hastily,
(in the Negombo Hospital), 
On 06th March 1995,
The day you made all our lives different;

From then on, 
I had randomly caught your finger, 
Just enough number of times,
In your childhood and later;

Nevertheless I admit,
I had always been physically far from you,
Especially in almost all your significant life events;

Even though you are grown big and mature,
And you are 21 now,
Do you know how much more I need to,
And I love to hold your finger now than then? 

We all love you so much, 
Whether near or far, 
And we care for you even more; 

We are indeed proud to be your Amma, Thaththa, Aiyala and Akkala!

May Mama Mary be your constant example, 
And may you be ever pleasing to God and people around you!! 

A VERY HAPPY BIRTHDAY TO THE SWEETEST ANGEL OF OUR LIVES!!!

Thursday, 4 February 2016

ඒව් නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියණනේ.....!

68 වෙනි නිදහස් උත්සවය සමරන අද දින, අපි අපෙන් ඇසිය යුතු එකම එක පුංචි ප්‍රශ්නයක් තියෙනව...ඒ තමයි: අපි එකිනෙකා, සාමුහීකවත්, පුද්ගලිකවත්, මේ සමරන්නේ මීට අවුරුදු 68 කට පෙර, අපිට අපේ දේශ-හිතෛෂී මුතුන් මිත්තෝ දිනා දුන්නු, එහෙම නැත්නම් අපිට අපේ ජන්මයෙන්ම උරුම වුනා මිසක, අපි කවර ආකාරයකින් හෝ පංගුකාරයන් නොවුන, තාමත් පංගුකාරයින් නොවන, නිදහසක්ද කියලා..... 

එදා අපේ නිදහස් සටනේ නියමුවන් සිහිකර, ඒ රතු ලෙයින් පොහොණි වුණු අපේ ජන්ම ද්වීපයට ගයන මේ ගීතය, අපි තුල ඇති ඒ දේශහිතෛෂීභාවය අවදි කරන, ඒ තුලින් අපි සමරන මේ නිදහසේ "අපි කොතැනද" යන්න මෙනෙහි කරන්නට, අපේ හදවතට තට්ටු කරනා ආරාධනාවක්ම වේවා......! 

ගීතයේ පද රචනය: අචර්‍යය මහගම සේකර ශුරීන් 
ගීතයේ සංගීතය හා ගායනය: ආචාර්‍ය්ය පණ්ඩිත් ඩබ්ලිවු. ඩී. අමරදේව
(මෙහි ක්ලික් කරන්න) රත්නදීප ජන්මභූමි 

තමා අදහන ආගමට ගරු බිය නැත්තා, තමා විශ්වාස කරන දෙවියන්ට නිග්‍රහ කරයි. තමා හැදුනු වැඩුනු රටට ගරු බිය නැත්තා, තමා හැදූ වැඩූ මවට අපහාස කරන, ඇය ගැන ලැජ්ජා වෙන කෙනෙකු හා සමානය.... 

ලක්මවගේ තරම් ස්වභාවික බතින්, ධාන්‍යයෙන්, පලතුරෙන්, එලවුඵෙන් පිරුනු මෙවන් කුසක් අපිට තවත් කොයින්ද? ඇය සරසා ඇති ඒ, නිල්වන් සාරියක් බදු වූ මහා කරදිය වලළ්ල පමණක් නොව, ඇගේ ශරීරය පුරා දිවෙන ඒ මිරිදිය ධාරා; දිය ඇලි ගංගා, ඇල දොල, වැව් අමුණු පොකුණු, වලින් සැදුම්ලත්, මෙහෙව් ජෛව-විවිදත්වයකට උරුමකම් කියන තවත් රටක් අපිට කොයින්ද? අරලිය මල් පහන් තෙලට මුසුවි නැගෙන සුවදින්, ගංඨා නාදයෙන්, උදේ දිවා හවස අපි ශ්‍රවනය කරන ධහම් ගුන ගායනයෙන්, නිමක් නැති තවත් රටක් අපිට කොයින්ද? 

එසේනම්, අපි අපෙන් ඇසිය යුත්තේ මෙපමණයි: ලක් දරුවන් හැටියට, අපි අපේ අම්මා ගැන ආඩම්බරද? එසේ නැතිනම් අපි ආඩම්බර වෙන්නේ, විටින් විට අපි විසින්ම ඇයට අත්පත් කරදී තිබෙන, ඇයට අත්පත් කර දීමට තවත් කටයුතු කරන, අනේක අපකීර්තීන් ගැන විවේචනය කරමින්ද? 

ලක් මවගේ පුජනීයත්වය, ඇගේ භාව ප්‍රතිභාවය හා ඇගේ පෞඩ ඉතිහාසය ගැන ගයනා මේ ගීතය, අපේ නෙත් සිත් විවර කරන, ඒ තුලින් තම මවට ගරහන්නෙක් වෙනවා නොව, දිවි හිමියෙන්ම ඇයට ගරු කරන, ඇයව රකින්නට කැපවු, අප තුල සැගවී සිටින ඒ උදාරත්වයේ මනුෂ්‍යයාව අවදි කරන්නට කෙරෙන ආරාධනාවක්ම වේවා.....! 

ගීතයේ පද රචනය: ආචාර්‍ය්ය ඇරිසන් අහුබුදු ශූරීන් 
ගීතයේ සංගීතය හ ගායනය: ආචාර්‍ය්ය සුනිල් ශන්ත ශූරීන් 
(මෙහි ක්ලික් කරන්න) ලංකා ලංකා පෙම්බර ලංකා

නිදහස! 
අපිට මේක තවත් එක තේමාවක් පමණද? 
නැතින්ම්, මේ සමරන නිදහස අපිට සැබවින්ම එක යථාර්තවාදී සත්‍යයක්ද? අපි ඇත්තටම නිදහස්ද? 

අපේ පටු අදස්වලින්; දේවත්වයින් පිරුණු නමුත්, හික්මීමක් නැතිව තිරිසන් වෙන අපේ මේ මනුෂ්‍යයත්වයෙන්; අපේ දුර දිග නොබලා කටයුතු කිරීමෙන්; අපේ මමත්වයෙන්; අපේ එකි නෙකාව පෙලාදමන, තව කෙනෙකුට ඉහලට යන්නට නොදී පහලට ඇද දමන තන්හාවෙන්; අපේ ඉරිසියාවෙන්; අපේ බොරු කීමෙන්; අපේ වෛරයෙන්; අපේ පලිගැනීමෙන්; අපේ නොඉවසීමෙන්; අපේ ඔපා-දූප සෙවීමෙන් විතරක් නොව, එකිනෙකාට ගිනිගෙඩි දී ඔවුන්ව විනාශ කරන්නට කරන උප්පරවැට්ටිවලින් අපි නිදහස්ද? 

අපේ, දෙවියන්ට පමණක් දෙවෙනි වූ, එහෙත් දේවත්වයට සමාන වූ මේ මනුෂ්‍යත්වය තාමත් නිදහසක් ලබලා නැහැ නේද? එහෙවු නිදහසක් අපි අත්දකින තුරු, අපි සමරණ සෑම නිදහස් සැමරුමකදීම, අපි උදේ හවහා කරන සෑම කන්නලව්වකම තිබිය යුත්තේ එකම එක පුංචි යැදුමක් පමණයි: ඒව් නිදහසේ ස්වර්ග රාජ්යයට, මගේ සිත, මගේ ගත; අපේ සිත්, අපේ ශරීර; එතුලින් අපේ දේශය, අපේ රට සහ මේ මහා මිහිතලයම අවදි කරනු මැන පියණනේ.....! 

ගීතයේ පද සංකල්පනාව: උතුරු ඉන්දීය රබින්ද්‍රනාත් තාගොර් පණ්ඩිතුමන්ගේ අභාශයෙනි 
ගීතයේ සංගීතය හා ගායනය: ආචාර්‍ය්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
(මෙහි ක්ලික් කරන්න) පටු අදහස් නම් පවුරෙන් ලෝකය 

Friday, 11 December 2015

දාමුද තොංඩුව ජේසුට, මේ නත්තලේ?

ලංකාවෙ අපි,
එල්ලුම් ගහ නැවත ගේනවද-නැද්ද කියා විවාද කරන මේ වකවානුවේ,
ජේසුගේ උපත සමරන තවත් නත්තලක් දොර ගාවටම ඇවිත්.
අනේ අපි දැනන් හිටියනම් අපි මොනාද මේ කරන්නෙ කියලා!
එක පැත්තකින් එල්ලලා මරන්න කියලා කෑ ගහන අපි, කිතුනුවෝ,
අනිත් පැත්තෙන් කිතු උපතෙ උද්දාමයට කල් තියාම ලහිලහියේ.

අපි අතරම්ං වෙලා නේද?

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
හවුලෙ පවට නැබුරුවුවත්,
එදා ජුදා නීතිය අනුව ස්ත්‍රියව පමණක් ගල් ගසා මරාදැමිය යුතුයි කියා
පස්සෙන් පන්නාගෙන පිරිමින් ලුහුබදින විට,
නීතියට එහා ගිය ප්‍රේමයකින් ඇයව ගලවාගන්නට යන 
උතුම් මනුෂ්‍යකුගේ උපතක් කියලා.....

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
සබත් දිනේදී බාහිර වැඩ තහනමක් තිබුනත්,
ලිදට වැටුන ගව සත්වයව මරාගෙන කනවට වඩා,
එතුලින් පිටතට ගෙන ජීවිත දානයක් දෙන්න කියා අවධාරණයෙන් අණ කරන්නට යන 
අවිහිංසාවාදී සොභාවධාර්මිකයකුගේ උපතක් කියල.....

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
දෙවියන්ගේ දිනේදි දේව සේවයෙන් පමණක් කාලය ගත කල යුතු බව නීති පොතේ තිබුන නමුත්,
නීතිය කඩ කරනු පිණිස නොව, එය සම්පූර්ණ කරනු වස්,
පාපයේ හෝ මනුෂ්‍යයාගේ විනිශ්චයේ උගුලට අසුවී වේදනාවිදිනවුන්
කිසිදු භේදෙකින් තොරව ගලවාගන්නට යන 
මහා ප්‍රෙමයක උපතයි කියලා.....

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
අපි අතරමං වෙලා නිසා අපිට මාර්ගය, සත්‍යය හා ජීවනය මේකයි කියා කියලා දෙන්නට යන,
එහෙත් අපි ඒ දේ තවත් හරියට නොදැන,
නිරපරාදේ විනිශ්චය කර අමු අමුවේ මරන්නට යන නමුත්,
"ස්වාමිනී මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමා වෙන්න" කියා, 
අපි වෙනුවෙන්, තම මරණ මංචකේ බෙරිහංදෙන,
දේවත්වයට පමණක් සීමා නොවු, 
මනුෂ්‍යය දෙවියකුගේ උපතයි කියලා.....

අපි හොදටම අතරම්ං වෙලා නේද?

අපි, කිතුනුවෝ,
තවත් එල්ලුම් ගහ ගෙනෙන්න කිය කෑගහමුද?
නැතිනම් ඊටත් වඩා හයියෙන්,
අපේ සසුන් පියා සමග "මම කවුද විනිශ්චය කරන්න" කියා කෑගහමුද?
එහෙමත් නැතිනම්,
අද උපත ගැන සංතෝසෙන් මත්වී ඉතා ඉක්මනින් මරාගන්නවට වඩා
දාමුද තොංඩුව ජේසුට, මේ නත්තලේ?

Friday, 13 November 2015

Where the mind is without fear, 
And the head is heal high.....
Into that Heaven of freedom, My Father,
Let my country awake....

                                                  - Rabindranath Tagore

Dear reader,

Still in the state of shock, not very far from the place where this human carnage is still at work, I would like to ask all of your silent and collective prayers for France, particularly, the Parisians, the, victims, theirs families and relatives, those who are still trapped and those who still wait for their dear ones at home. It is horrifying and I write with the sentiments that I cannot express. The death toll is unfortunately mounting and everybody airs their different views about the cause, scale and the aftermath of the horror. Please pray that the number count of the deads would come to a halt and that we, human beings, realize that we kill ourselves with the ideologies that we ourselves create, no matter who we are, which group, colour, caste, religion or country we belong to. 
With the affected, 
Rashmi Fernando




Friday, 27 March 2015

කුරුසේ පාද නමස්කාරය...

1 වෙනි ස්ථානය
ජේසු ස්වාමි ඳරුවෝ මරණයට තීන්දුව ලබන සේක!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

මම මේ ස්ථානයේ හුගාක් වෙලාවට කල්පනා කරන දෙයක් තමයි, අපිට බැරිද මේ ස්ථානය ගැන වෙනස් විදිහකට දකින්න කියලා...

ඒ මොකද, අපි "ජේසු ස්වාමි ඳරුවෝ මරණයට තීන්දුව ලබන සේක!" කියලා කියද්දි, කාටහරි කියන්න පුළුවන්, "ඉතිං මට මොකද" කියල...

ඒකට හෙතුව තමයි, මේ වාක්‍යය තුල වගකීමක් ගන්න මනුෂ්‍යයෙක් ගැන කිසිම සඳහනක් නැහැ...

මේක සිංහලෙත් එහෙමයි, ඉංග්‍රීසි වලත් එහෙමයි, ප්‍රංශ භාෂාවෙත් එහෙමයි...

කෙනෙකුට කියන්න පුළුවන් මේක කර්ම කාරක වාක්‍යයක් කියලා...

එකඟයි, නමුත් මම මේක දකින්න කැමති භාෂාවේ තියෙන ව්‍යකරණ පිළිබඳ ප්‍රශ්නයකට වඩා, අපේ මනුෂ්‍යය සිත පිලිබදව තියෙන ප්‍රශ්ණයක් හැටියටයි...

ඒ මොකද, මනෝවිද්‍යාවේ අපි කියන හැටියට, අපිට අවශ්‍යය නම් අපි ක්‍රියා කරන ආකාරය වෙනස් කරන්න, එහෙනම් අපි පළමුවෙන්ම කල යුතු වන්නේ අපි හිතන ආකාරය වෙනස් කිරීමයි...

ඒ මොකද, උදාහරණයකට, අපි ධනවාදීව හිතුවොත්, අපි කථා කරන වචන, අපි ක්‍රියා කරන විලාසය ධනවාදී වෙනවා. නමුත් අපි සෘණවාදී වුනොත්, ඒකෙ ප්‍රතිඵලත් ඒ හා සමානයි...

අන්න ඒ නිසා වෙන්න ඇති ජේසුත් කිව්වේ, "සිතින් උතුරා යන දෙය කටින් පිට වේ" කියලා...

අන්න ඒ නිසා, අපි චුට්ටක් මෙ ස්ථානයේ නැව්තිලා කල්පනා කරමු...

'අපිට පුලුවන්ද අපි හිතන ආකාරය වෙනස් කරන්න'...

අන්න එවිට අපට ඇසේවි එදා පිලාත් අහපු ඒ ප්‍රශ්නයත්, අපි දුන්නු ඒ උත්තරෙත්...

පිලාත් අහනවා, "මා ඔබෙ රජුට කුමක් කරනවාට ඔබ කැමතිද?"

අපි කියනවා, "ඔහු මරව, ඔහු මරව...ඔහුව කුරුසේ ඇණගසා මරව" කියල...

අන්න එතනයි අපි ජේසුව තීනිදු කෙරුවෙ, අන්න එතනයි අපි වගකීම ගත යුත්තේ...

අපි අපේ පාපයට, අපේ මනුෂ්‍යය දුර්වලකමට, අපේ වැරදිවලට දෙවියන් වහන්සේ ඉදිරියේ වගකීමක් ගන්න අන්න එදාට, අපි ඒ වගකීම අපේ ජීවිතය තුල ගන්න සෑම සුළු මොහොතකම, අපිට පුලුවන් වෙයි මේ පාදනමස්කාරය විතරක් නෙමේ, අපේ මේ මුළු ජීවන චාරිකාවෙම පලවෙනි ස්ථානය සැබෑ මනස්ථපනයකින් යුතුව නැවත නැවතත් පටන් ගන්න...

අන්න ඒ දවසට, ජේසු අදට වඩා සතුටින් එදාට අපි උන්වහන්සේට දුන්නු මේ තීරණය භ)ර ගනී, ඒ මොකද, මනුෂ්‍ය අපේ සැබෑ සිත් හැරීම තුල, අපි අදහන මේ දෙවියන් වහන්සේට බැහැ මුකුත් නොකර ඉන්න; උන්වහන්සේට බැහැ ඊටත් වඩා ගැබුරින් උන්වහන්සේගේ ආදරය අපිට නොපෙන්වා ඉන්න...

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!



7 වෙනි ස්ථානය
ජේසු ස්වාමි ඳරුවෝ කුරුසේ බරින් දෙවෙනි වරටත් බිම වැටෙන සේක!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

කුරුසේ බරින් වැටි වැටී කපාල කන්ඳ නඟින මේ ජේසු, කවදාවත් ජීවිතේට කන්ඳක් නැඟපු නැති කෙනෙක් නෙමේ....

ඒ මොකද, ශුද්ඨවු මතෙව් තුමාගේ ශුවිශේෂයේ, 14: 23, අපිට කියනවා, "උන්වහන්සේ ඔවුන්ගෙන් නික්මී උස කන්ඳකට වැඩිය සේක. රාත්‍රිය උදා ඌයෙන්, උන්වහන්සේ එහි රැදීසිට යාඤ්ඤා කල සේක", කියලා..

නමුත්, එදා උන්වහන්සේ නැගපු ඒ කන්දයි, අද උන්වන්සේ නගින මේ කන්දයි අතර ලොකු වෙනසක් තියෙනව....

එදා තාබෝර් කන්ඳේදී හිරු මෙන් දිළිසුනා ජේසුගේ මුහුන, අද මේ ගොල්ගොතාව කන්ඳේදී ලෙයින්,දහද්දියෙන්, කෙළ වලින් විරූපී වෙලා...

එදා ඉහලට තිබූ සෑම අඩියක් අඩියක් ගානෙම අබ්බා තාත්තට ටිකෙන් ටික ලංවුන ජේසු, අද මේ ඉහලට තියන සෑම පියවරක් පියවරක් ගානෙම අහනව අති, "අබ්බා තාත්තේ, ඔබ් කොහෙද?" කියලා...

එදා ඒ තාත්තත් එක්ක, කඳු මුඳුණක අතිවු සුහඳ සන්වාදයකින් තමන්ගේ ජීවිතේට ශක්තියක් සොයපු ජේසු, අද ඒ ශක්තිය නැතුව මේ ගොල්ගොතව කන්ඳේ බිම ඇද වැටිලා....

 අපි මොහොතක් කල්පනා කරමු...

අපිත් මේ වගේ නේද? නමුත් ජේසුයි අපියි අතර තියෙන වෙනස තමයි, ජේසු නැගිටිනවා, අපි නැතිවෙනවා...

ජේසු මනුෂ‍යෙක් හැටියට වැටෙනවා නමුත් ඳෙවියන් වහන්සේ තුල නැඟිටිනවා, අපි මනුෂයො හැටියට වැටෙනවා නමුත් අපි තුල දෙවියන් වහන්සේට ස්ථිර වාසස්ථානයක් නැති නිසා අපිට වැටිච්ච තැනින් නැගිට ගන්න බැහැ...

ඒත් අපි ඇහුවොත්,"ජේසුනී ඇයි මේ" කියල... උන්වහන්සේ අපිට කියන්නට යනවා, "මගෙ පුතේ, මගෙ ඳුවේ, මට ඔබේ බැරි කම, මට ඔබේ දුබලකම හොඳට තේරෙනවා...ඒ නිසාම මම ඔබට ආදෙරෙයි, ඒ නිසා මම මේ ගමන වැටි වැටී හෝ යන්න තීරණය කෙරුව",යි කියලා...

අපි කල්පනා කරමු...

අපිට පුලුවන්ද මෙවැනි ආදරයක් ඉස්සරහ අපේ හිත් තවත් උනු වෙන්නට නොදී තද කරගෙන ඉන්න?

අපිට පුලුවන්ද මෙහෙව් ප්‍රෙමයක් ඉස්සරහ අපේ ජීවිතයේ වෙනසක් ඇති කර නොගෙන ඉන්න?

අපිට පුලුවන්ද, "ජේසුනී, මනුෂයෙක් හැටියට මම වැටුනට, ඔබවහන්සේ තුල මට නැඟිටින්න පුලුවන්" කියලා එකම අදිෂ්ඨානයෙන් යුතුව ජීවිතයේ හැම මොහොතකම කියන්න?

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!



10 වෙනි ස්ථානය
ජුදයෝ ජේසු ස්වාමි ඳරුවන්ගේ වස්ත්‍ර කඩා දමති!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

අපි හුගාක් වෙලාවට මේ ස්ථානයේ කල්පනා කරන දෙයක් තමයි, "අනේ, ජේසු කොයිතරම් නම් ලැජ්ජාවට පත්වෙන්න ඇතිද", කියලා...

ඒත් අපි ඊට පොඩ්ඩක් ඔබ්බට ගිහින් කල්පනා කෙරුවොත්, අපිට ලැජ්ජා වෙන්න වෙන්නෙ අපි ගැනමයි...

ඒ මොකද විලි ලැජ්ජාව හොඳ හැටි දන්න අපි, ඒ වෙදනාව හොඳින් හඳුනන අපි, ඒ දේ දැන දැනත් තවත් කෙනෙකුව නිර්වස්ත්‍ර කරන්නට තරම් අපේ මනුෂයත්වය අධම කරගෙන, දුෂ්ඨ කරගෙන...

අපි තව කෙනෙක්ව නිර්වස්ත්‍ර කරනව විතරක් නෙමේ, ඒ නිරුවත් කිරීම නිසා ඒ කෙනා ලැජ්ජාවෙන් ඇබරෙද්දි, අපහාසයට පත් වෙද්දි, ඒක බල බල සතුටු වෙන්නට තරම්, ඒ වස්ත්‍රයට දාදු දමන්නට තරම් අපේ මනුෂයත්වය අද පහත් වෙලා, නීච වෙලා...

ඒ නිසා අපි ලැජ්ජා වෙන්න ඔනෙ, නිරුවතින් ඉන්න ජේසු ගැන නෙමේ, නමුත් උතුම් මනුෂයත්වය නීච කරන මේ අපේ වැඩ ගැනමයි, අපි අපි ගැනමයි...

අපි මඳක් කල්පනා කරමු...

මමත් මේ නිරුවත් කිරීමට පංගු කාරයෙක් නේද...

මමත් මේ ජීවිතේ මගෙ සහෝදරයාව නිර්වස්ත්‍ර කරල තියෙනව නේද, නිර්වස්ත්‍ර කරනව නේද...

මේ නිරුවත් කිරීම, කායික නිරුවත් කිරීමක් වෙන්න පුලුවන්, මානසික නිර්වස්ත්‍ර කීරීමක් වෙන්න පුලුවන්, ආර්ථික වශයෙන් තව කෙනෙක්ව වැටෙද්දි අපි සතුටු වෙන්නට ඇති, එහෙම නැත්නම් එහෙම කරලා හෝ අපි සතුටු වෙන්නට ඇති, ආගමික වශයෙන් අපි අපේ සහෝදරයාව නිර්වස්ත්‍ර කරලා ඇති, දේශපාලනමය වශයෙන්...

මේ හැම මොහොතක්ම සිහිකර, අපි ජේසුට කියමු, " ජේසුනී, මට ලැජ්ජයි...මගෙ සහෝඳරයා තුල ඔබ වහන්සේ නිරුවත් වන හැම මොහොතකම මට මගේ නිරුවතයි පෙනෙන්නෙ...ඔබගේ වෙඳනාව තුල මට මගේ වේඳනාවයි ඳැනෙන්නෙ...මට සමාවෙන්න..."

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!



13 වෙනි ස්ථානය
ජේසු ස්වාමි ඳරුවෝ කුරුසයෙන් බාන ලදුව, තමන්ගේ පිරිසිඳු මෑණියන්ගේ උකුලෙහි පුණවනු ලබන සේක!

ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශoසා කරමු!
මක්නිසාදයත්, ඔබවහන්සේගේ කුරුසියෙන් ඔබවහන්සේ ලෝකය ගලවා ගත් සේක!

ජේසු තුමන් තුල මා ආදරණීය අම්මේ, තාත්තේ, දුවේ, පුතේ...

මේ දේව අම්මා ජෙසුත් එක්ක තමන්ගේ ජීවිතයේ නොහිටිය තැනක් නැහැ...

අපිට පුලුවන්නම් 'ග' නු 4ක් මතක තියාගන්න, අපි ජේසුගේ ජීවිතය සාරංෂයක් හැටියට දන්නවා...

      1. ගවලෙන - ක්‍රිස්තුස් වහන්සෙගේ මනුසත්බව ලැබූ උපත තුල, ඳේව අම්මා හිටියා;
      2. ගලීලය - ජෙසුගේ ප්‍රසිද්ධ ජීවිතේ තුල, ඳේව අම්මා හිටියා;
      3. ගොල්ගොතාව - ජෙසුගේ දුක්විඳීම හා මරණය තුල, ඳේව අම්මා හිටියා;
      4. ගල්ළෙන - ජේසුගේ මරණය පරාජය කර උත්ථාන වීම තුල, මේ ජේසු අම්මා හිටියා...

ඒ නිසා ජේසුගේ මළ සිරුර තියාගෙන ඉන්න මේ ඳේව අම්මා, මේ උකුළෙ තියාගෙන ඉන්නෙ ජේසුගේ ශරීරය විතරක් නෙමේ, පාපයට මැරුන, පාපය පරාජය කර නැගිටින්නට උත්සහ කරන අප හැමගේම ශරීරවල්...

එතුමිය, එදා ජේසුත් එක්ක හිටිය වගේ, අපිට දැනුනා හෝ නොදැනුනා, අපිත් එක්කත් අපේ ජීවිතේ සෑම මොහොතකම ඉන්න ඇති...

අපි මොහොතක් කල්පනා කරමු...

මට පුලුවන්ද, ජීවිතේ සෑම මොහොතකම, ඒ වගේම දවස හමාරකර රෑ නින්දට යන්න මත්තෙන්, මෙන්න මෙ ප්‍රශ්නය ජේසු අම්මගෙන් අහන්න, "අම්මේ, අද දවස දිහා හැරිලා බලද්දි, මම ඔබ තුරුළට එන්න සුදුසුද?"

 මොකදඅපිට ඳේව අම්මගේ සළුවෙ එල්ලිලා ඔංචිලි පදින්න පුලුවන්නම්, අපි ඒ තරම් මේපාපයේ බැම්මෙන් නිදහස් නම්අපිට ඳේව අම්මගෙ තුරුලේ හුරතල් වෙන්න පුලුවන්නම්, අපේහදවත් ඒ තරම් පිරිසිඳුනම්අන්න  දේම අපිට හොඳ සළකුණක් අපි ජෙසුත් එක්ක උත්ථානවෙන්න වරම් ලබා තියෙනවා කියලා හඳුන ගන්නඳෙවියන් වහන්සේව මුහුනට මුහුන ඳකින්නවරම් ලබා තියෙනවා කියලා ස්ථිරලෙස වටහා ගන්න...

ස්වාමිනී, පාපිවු අපට කරුණාකර වඳාළ මැනව! අපට කරුණාකර වඳාළ මැනව!
මළාවු ක්‍රිස්තියාණින්ගේ ආත්මවල් ඳේව ඳයාභර කමින් සමාධාණයේ සැතපේවා, ආමෙන්!

Monday, 29 September 2014

ආදර ලොකු අම්මා!


කැත කුණු ඔබයි අත ගෑවේ අප හැමගේ
අම්මා ළගට ලොකු අම්මා ඔබ අපගේ 
අපෙ පින්තූරු දෙව් පාමුල, ඔබ යැද්දේ 
නිදුකින්, යහපතින් ඉන්නයි ඒ පැතුවේ

හැඩිදැඩිවුනු අප හැමගේ හොද දවසේ
සාරිපොට හපාගෙන ඔබ සතුටින් හැඬුවේ
අපි ලෙඩ දවසේ හෝ දුක්වූ ඒ දවසේ
චීත්තේ කදුළු, ඔබ දෙවියන්ටම කීවේ

මුහුදු හතක් හෝ කොච්චර දුර සිටියත් 
කල කී දෑ තුලින් දැණුනා ඔබෙ යැදුමන් 
ඔබ නැති අඩුව දැනේවි අපෙ හෙට දවසේ
දෙවි තුරුළට වෙලා යදින්න ඔබ ඒ දවසේ 

ග්‍රබ්‍රියෙල්, මිකායෙල්, රෆායෙල් ඳූතයෙනී
ඔබෙ මංඟළ දිනේ ඈ ගෙන යන්න ගියේ
දෙව් මව් තුරුළෙ ඈ සැතපුන මේ දවසේ
සුරකැළ පිරිවරා ඈ අප දෙස බලනු දැනේ

අම්මට අම්මා, අප හැමගේ ලොකු අම්මා
බැහැ ඒ අඩුව පුරවන්නට කිසි දිනෙකා 
ඔබ ගිය දෙවිඳු මඟ අප හැම ය ලෙසිනා
දෙව් ළඟ ඉදන් යදින්න ආදර ලොකු අම්මා!