Showing posts with label A Loving Hommage to Our Dearest Grand-Mother. Show all posts
Showing posts with label A Loving Hommage to Our Dearest Grand-Mother. Show all posts

Monday, 29 September 2014

ආදර ලොකු අම්මා!


කැත කුණු ඔබයි අත ගෑවේ අප හැමගේ
අම්මා ළගට ලොකු අම්මා ඔබ අපගේ 
අපෙ පින්තූරු දෙව් පාමුල, ඔබ යැද්දේ 
නිදුකින්, යහපතින් ඉන්නයි ඒ පැතුවේ

හැඩිදැඩිවුනු අප හැමගේ හොද දවසේ
සාරිපොට හපාගෙන ඔබ සතුටින් හැඬුවේ
අපි ලෙඩ දවසේ හෝ දුක්වූ ඒ දවසේ
චීත්තේ කදුළු, ඔබ දෙවියන්ටම කීවේ

මුහුදු හතක් හෝ කොච්චර දුර සිටියත් 
කල කී දෑ තුලින් දැණුනා ඔබෙ යැදුමන් 
ඔබ නැති අඩුව දැනේවි අපෙ හෙට දවසේ
දෙවි තුරුළට වෙලා යදින්න ඔබ ඒ දවසේ 

ග්‍රබ්‍රියෙල්, මිකායෙල්, රෆායෙල් ඳූතයෙනී
ඔබෙ මංඟළ දිනේ ඈ ගෙන යන්න ගියේ
දෙව් මව් තුරුළෙ ඈ සැතපුන මේ දවසේ
සුරකැළ පිරිවරා ඈ අප දෙස බලනු දැනේ

අම්මට අම්මා, අප හැමගේ ලොකු අම්මා
බැහැ ඒ අඩුව පුරවන්නට කිසි දිනෙකා 
ඔබ ගිය දෙවිඳු මඟ අප හැම ය ලෙසිනා
දෙව් ළඟ ඉදන් යදින්න ආදර ලොකු අම්මා!