Thursday 28 March 2013

කපාල කඳු මුදුනේ 
මියැදෙන තම පුතුගේ 
කුරුසේ පාමුල ඉකිගසමින් 
හඬනා ඔබ අම්මේ 

ඳේව කැමැත්තට ඔබ බහ දුන්නේ 
කුරුසේ ගමනක් යන්නද අම්මේ 
මෘදු හද දැඩිකර පුතුනට දිරි දුන් 
ඔබ අම්මා තනිවී අද පුතු ලඟ 

ආරම්භයෙ සිට අන්තිම බිඳ තෙක් 
ඔබ රස බැලුවේ තිත්ත පාත්ත්‍රය 
හිල්විය හදවත කඩුපහරක් මෙන් 
යාග වුනා අම්මා පුතු සමගින්

No comments:

Post a Comment