Friday, 29 March 2013

ජේසුනී, 
ඇඳ හැලෙනා ඔබෙ හිල්වුනු ඇකයෙන් 
බිඳුවක් එවන්න ශ්‍රි ලේ ඳහරින් 
තෙමන්න මගෙ හද ඉරි තැලී ඇත 
හරවන්න දෙසවන් අසන්න ඔබෙ හඬ 
ඔබ මට මුමුණන ඒ අව්සන් වචන.... 

"භිය නොවන්න මම නුබ සමගින්මයි, 
නුබටත් අත්වන ඉරණම මේකයි" 

ජේසුනී, 
ඳැනේද තනියක් ගිරිකඳ මුදුනේ 
ඇයි ඔබ අසරණ වී රළු කුරුසේ 
ගල් පුපුරා යයි ගිණි මද්ධ්‍යහනේ 
හෙණ ගිගිරුම් හඬ කලුවර අහසේ 
ඔබෙ මොර හඬ මැද මා ඔබ අසලයි 
ඔබ මිය යන්නෙද, කල්වාරි කඳු මුදුනේ....

No comments:

Post a Comment