Sunday 26 August 2012


අඳුරු සෙවනැළි 
ඳසත වටලා 
ඇයිද මා මෙසේ 
ඟනඳුරු උමඟක 
අතරමංවී ජීවිතේ... 

නිම් තෙරක් නොපෙනෙයි 
එළිය දකිනට 
දුවමි දස අත 
සොයා හමුවන තුරු 
සහන් එළියක් 
කොහේ හෝ... 

බිඳී මගෙ මුඵ 
දෑත් දෙපයත් 
වැතිර සිටියෙමි 
නැතුව සරණක් 
දකින තුරු ඔබේ ආලොකේ 
ප්‍රඥාවේ... 

ජේසුනී ඔබ 
එළියයි සඳහට 
දුව ආවෙමි මා 
ඔබ පා සෙවනට 
ඇසුනු විගස ඔබෙ කටහඬ 
ජීවනයේ... 

විවර කරනු මැන 
අංඳවු මගෙ නෙත් 
සුව කරන්න මගෙ 
මෙබිඳුන අත පය 
හැක මට ඒ විට 
කරන්න එලසම... 

මෙහෙ කරන්නම් 
සමිඳෙ ඔබට මං 
ඔබ මට දුන් හැම 
දේ හා සමඟින් 
මියෙන තුරාවට 
ඔබේම වී මම...

No comments:

Post a Comment