Wednesday, 15 August 2012


ප්‍රේමයාණනී, නමස්කාර වේ! 
මහා ප්‍රේමෙනී, නමස්කාර වේ!

ඉවසුම ඇත්තේ කොතැනද, ප්‍රේමය එතැනයි 
කරුණව ඇත්තේ කොතැනද, ප්‍රේමය එතැනයි
උඩගු නොවන්නේ කොතැනද, ප්‍රේමය එතැනයි
විනීත වන්නේ කොතැනද, ප්‍රේමය එතැනයි  

ඉරිසියාවන්නේ නැතිතැන, ප්‍රේමය පවතියි 
හනික කිපෙන්නේ නැතිතැන, ප්‍රේමය පවතියි 
පාරට්ටු කරන්නේ නැතිතැන, ප්‍රෙමය පවතියි 
පරාර්ථකාමී වනතැන, ප්‍රේමය පවතියි 

නපුරු සිතක් නැති අය ළඟ, ප්‍රේමය පවතියි
සමාව දෙන්නේ කොතැනද, ප්‍රේමය එතැනයි 
අනුනට යහපත කරන්නෙ, ප්‍රේමය පමණයි 
හරි දේ ගැන ප්‍රීති වෙන්නෙ, ප්‍රේමය පමණයි 

සියල්ල කළ හැකි  වන්නේ, ප්‍රේමෙට පමණයි 
විශ්වාසෙට ඉමක් නැත්තෙ, ප්‍රේමයෙ පමණයි 
බලාපොරොත්තුව අත්තේ, ප්‍රේමයෙ පමණයි  
සඳාතණික වන්නේ ඳෙව් ප්‍රේමය පමණයි

No comments:

Post a Comment