Sunday 22 May 2016

'පිබිදි වතුර 2016'

මංමාවත් දිගේ හෙමිහිට ඇදුන නමුත් 
මහා තිරිසන් බිහිසුනු ලෙසින් පැමිනි ඔබ 
අත්කල මේ ඉරනම සාධාරණද? 

ඔබෙන් බැට කෑවේ දුප්පත් පියෙකි 
ඔබ අසරණ කලේ අහිංසක මවකි 
ඔබෙන් අනාථ වූයේ තම හීන පෙගී, දියවී යනු බලා සිටි දරුවෙකි 
ඔබ තලා පෙලා සොදගෙන ගියේ 'පුංචි පවුලකි' 
ඔව්, අහිංසක පොඩි පවුලකි... 

මම ඔබ දෙස නිහඪව බලා ඉන්නේ 
ම්ං ඔබට හුගාක් දුර නිසාවෙන් හෝ 
කරගන්නට දෙයක් නැති නිසාවෙන් හෝ 
කරන්නට කිසිත් බැරි නිසාවෙන් හෝ නොවේ... 

කදුලින් මිරිකෙන ඒ පියා සමග මමත් මිරිකෙමි 
ලතෝනි දෙන ඒ මව සමග මමත් වැලපෙමි 
ඉකිගසන ඒ හීන දියවුනු දරුවා සමග මමත් ඉකිබිදිමි 
හුස්ම පමණක් ඉතිරිවුනු ඒ පුංචි පවුල සමග මමත් හූල්ලමි... 

ඔබ කලදේ මහත කොපමණද? 
ඔබ මෙතරම් දරුණු වුයේ ඇයි? 
ඔබ මෙතරම් අසාධාරණ වුයේ ඇයි? 

ඒත් ඔබ පිටාර ගැලුවේ අපේ හදවත් ඟංගාය 
ඔබ කඩා බිද දැමුවේ අපේ මනුෂ්‍යත්වයේ වාන් දොරටුය 
ඔබ සුනු විසුනු කලේ අපේ මමත්වයය 
ඔබ බැස යන්නේ ඔබ විනාශකල බොහො දේ තෙත් මඪ යට භුමදාන කරය 
නමුත් ඔබ එක දෙයක් ඉතිරිකර යනවා මට නිසැකයය
ඒ දේවත්වයෙන් පිරි අපේ මනුෂ්‍යත්වයේ අවදිවීමයය... 

ඒත් මෙහෙව් මනුෂ්‍යය උද්ධාමයක් ඇතිකල පලමු සහ එකම කෙනා ඔබ නොවෙයි 
එහෙයින්, මම ඔබට ගංවතුර කියා නොකියමි 
ඒ වෙනුවට, 'පිබිදි වතුර 2016' කියා මම ඔබ අමතමි... 

මෙහෙව් මිනිස්-දේව භාවයකින් අපේ හදවත් උතුරා යන්නට 
අපි ආයිත් ඔබ එනතුරු බලා හිදිමුද? 

 'පිබිදි වතුර 2016' 
ඔබ මේ කලදේ සාධාරණයැයි මම නොකියමි 
ඒත් ඔබට ස්තුතීයි කියා නොකියා ඉන්නටද මට නොහැකිය 
දැන් දයාවෙන් පිරී ඇති අපේ මේ හෘද ඟංගාවන්හී 
මනුසත්බවේ වාන් දොරටු මුලුමනින්ම බිදී 
දේවත්වය සදහටම පිටාරගලන දා 
ඔබ ආයෙත් අපි දකින්නට කිසිදිනක නොපැමිනෙ බව 
මම හොදහැටි විශ්වාස කරමි!

No comments:

Post a Comment