Showing posts with label 'Koppara Handiya'. Show all posts
Showing posts with label 'Koppara Handiya'. Show all posts

Tuesday, 1 July 2008

















මිළිනව ගිය හිරු අවරට වැටිලා 
රත්වූ පොළොවේ මාවත් පිරිලා 
රතු කහ කොළ එළි ඳැල්වි නිවීලා 
පේළි සැදී රිය සක් පෙරලීලා

කොප්පර හංඳියෙ පාර කඩිසරයි 
රතු ඳැල්වෙන විට මදකට නිසලයි 
වයභට පෙරළෙන සක් සැම නවතියි 
ඇය අත පාමින් රිය ඳොර අයදියි

පහන් කණුවෙ හිඳ ඇගෙ ඳුක කියනවා 
වියරු දෙපය ඇගෙ මහ ගව් ගෙවනවා 
කොළ ඳැල්වී රිය තිරිංඟ බිඳෙනවා 
රතු ඳැල්වෙන තුරු ඇය ඉකි බිඳිනවා

රිය අතගාමින් දෙපා යඳින්නේ 
කිරි නේරුනමුත් දරු දුක දන්නේ 
රියතුළේ උනුහුම නැහැ ඇය දන්නේ 
ඇගේ ඳුක නොදැනිම රිය පෙරලෙන්නේ