හිතාදරයෙනි,
අපි මෙච්චර කාලයක් තිස්සේ චන්දෙ දුන්නේ දන්න අයට. ඒ හැමෝම අපිව අපි හිතනවටත් වඩා රැවටටුවයි කියන එක, අපි ඉන්න තත්වේදිහා අපිම මොහොතක් හැරිලා බැලුවොත්, අපේ මේ මාතෘ භුමිය වැටිලා තියෙන තැන දිහා ඇස් ඇරලා බැලුවොත්, අපොට හොදටමතේරෙන දෙයක්...
අපිට මීට වඩා ජීවිතේ වටිනාකමක් තිබිය යුතු, ලැබි යුතු නැද්ද? ඒ වෙනුවෙන් අලුත් දෙයක් තෝරාගන්න අපි කැමතිද? අලුත් කෙනෙකුටඅපේ චන්දෙ දීල බලන්න අපිට කාලේ ඇවිල්ල නේද? එහෙම කරලා ඒ අයටත් අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, අපේ මතු පරම්පරාවවෙනුවෙන් මොනාද කරන්න පුළුවන් කියල, අපි අවස්ථාවක් දීල බැලිය යුතු නැද්ද? එහෙම කරලා, ඒ අයත් අපිව රැවට්ටුවොත්, අපිටදැනෙන්න තියෙන කනස්සල්ල, කේන්තිය අඩුයි නේද, මොකද අපිත් අලුත් දෙයක් ට්‍රයි කරලා තියෙන නිසා සහ හොද දෙයක් පතාගෙන අපේතියෙන එකම උත්තරීතර අයිතිය වගකීමකින් යුතුව ප්‍රකාශ කරපු නිසා?
අපිව හැමදාමත් රවට්ටපු, ඉස්සරහටත් ඒ දේම කරනව කියල හිතේ දෙගිඩියාවක් තියාගෙන, තාත්තා අම්මා නිසා හෝ, පරම්පරා පාටනිසා හෝ, වෙන මොන හේතුවක් නිසා හෝ, හැමදාම දාපු දේකට කතිර ගැහුවොත්, අපි කරන්නේ පුරුදු පරිදි චන්දෙ දෙමිමක් විතරක්නෙමෙයිද? ඒකේ වගකිඉමක් අපිට තියෙනවද? එතකොට අපි අයෙමත් තෝරගන්න යන්නේ රජයට බැන බැන ඉන්න එක නෙමේද?
අනිත් පැත්තෙන්, අපි චන්දෙ නොදී හිටියොත් හෝ, අවලංගු වෙන විදිහට ඒක ප්‍රකාශ කරොත්, එතකොටත් අපි කරන්නේ, දේශපාලුවෝඅපේ අයිතීන් නැතිකරනව වගේම, අපි විසින්ම අපේ අයිතීන් නැතිකරගන්න එක නෙමේද?
එසේ වූ තැන, ඔය පත්වෙන කවුරු හෝ කවදාහරි දවසක අපිට සහ රටට හොදක් කලත් නරකක් කලත් අපිට ඒ දේ අගයකරන්න හෝවිවේචනය කරන්න හෝ අයිතියක් තියෙනවද? එහෙම කරන එක සාදාරන හෝ සදාචාර නොවෙන්නේ අපි අපේ පලවෙනි පරම පුරවැසිඅයිතියවත් හරිහැටි වගකීමෙන් යුතුව ඉෂ්ට කරලා නැති නිසා නේද? වෙනසක් ඕනනම් එය පටන් ගන්න ඕනේ අපි තුලින්ම නොවේද?
ඒ නිසා, හැම චන්දයක්ම, ඔයාගේ චන්දෙත් ඇතුළුව, වටිනවා සහ උතුම්. ඒක වගකීමෙන් ඉෂ්ට කරන්න ඕනැ අයිතියක්. අතීතේ අපේමමිනිස්සු අරගල මැද, විප්ලව මැද, ලේ වැගිරීම් මැද්දේ දිනාගත්තු අයිතියක්. කාන්තාවන් වෙනුවෙන් ජගත් ඉතිහාසයේ විවිද රටවලබොහොම මෑත කාලයක් වෙනතෙක්ම සටන්කර දිනාගත් අයිතියක්.
එපමණක් නොව, අපි අපේ චන්දය වගකීමකින් ප්‍රකාශ කරන සෑම මොහොතකම අපි ඉෂ්ට සිද්ද කරන්නේ අපි වෙනුවෙන් මේ අයිතිය දිනාගන්න සටන් කරපු, ලේ වගුරපු, අපේම උදාර මුතුන් මිත්තන්ට උපහාරයක්, එයාලගේ ලෙයින් කල කැපකිරීමට අනුස්මරණය... ඒ නිසා, අපේචන්දය ප්‍රකාශ කිරීම තුල අපි කරන්නේ අපේ නය යුක්තියක් ඉෂ්ට කෙරීම සහ වදකීමෙන් යුතුව මතු පරපුරට එය රැක දීමක්... මදක් නැවතීකල්පනා කෙරුවොත්, එය අපි සැහැල්ලුවෙන් බලනවට වඩා ගැබුරින් සිතිය යුතු මහා බැරෑරුම් දෙයක්...
අපි හැමෝම හැම දේටම දක්ෂ නැහැ. අපි හමොටම හැම දේම කරන්නත් බැහැ. දේශපලනෙත් අන්න ඒ වගෙ. ඒක රටකට අවශ්‍යයි. මොකද, දේශපාලනේ නැතුව අපිට රටක් ගෙනියන්න බැහැ. හැබැයි ඒක නිතර ඒ ගැන කතා කරන, විවේචනය කරන අපි හැමෝටමකරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. එක කරන්න පුළුවන් ඒ ගැන දන්නා, ඒ ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ තෙම්පරාදු වුන කෙනෙකුට විතරයි. ඒ නිසා, අපි අපේ චන්දය ප්‍රකාශ කල යුතු වෙන්නෙත් ඒ ය අතරින් කෙනෙකුට පමණි...
ඒත්, ඒ ගොඩේ, අපිව ආයේ ආයේ අන්දපු, අපිත් හොදට ඇඳපු, පුවුල් පිටින් හවුලේ කාපු, තාත්තාගෙන් පුතාට කියන වැඩවසම්මානසිකත්වය පමනක් සුදුසුකම කරගත්තු, අහිංසක මිනිස්සු මෝඩයන් කියල හිතාගෙන මවාගත් මාන්නෙකින්, නමුත් ඇතුලේ කැකෑරෙනමහා දැවැන්ත ආත්ම අවමානෙකින් වජබුනු, 76 වසරක් තිස්සේ කොල්ලකාපු පොදු වත්කමින්, සූරා කාපු අපේ දහඩියෙන්, මහන්සියෙන්, රටේ සම්පතින් තමන්ගේ ජීවිතේ සැදෑ සමය බොහොම සුඛ විහරණයෙන් යුතුව ගෙවන්නැ ඕන මහා ගොඩක් ඉන්නවා...
අනිත් පැත්තෙන්, අධ්‍යාපන සුදුසුකම් තියෙන, රටට, දරුවන්ට, අනාගතයට යමක් කරන්න දැක්මක්, සැලැස්මක් තියෙන, කැපවීමක් තියෙන, පවුල් දේශපාලනය නැති, එත් අපි කවදාවත් අවස්ථාවක් නොදුන්න සෙට් එකකුත ඉන්නවා...
ඉතින් අපි කොයි පාරද තෝරාගන්නේ? හැමදාම ගිය, හැමෝම ගිය පාරාද? නැත්නම්, වෙනසක් වෙන්න ඕන මගද??
අපිට හොදහැටි තෝරාගන්න පුළුවන් වෙන්න ඕනෑ.. ඔයාගේ තේරීම වටිනවා... ඒක වගකීමෙන් කරන එක ඊට වැඩිය වටිනවා... ඔබවෙනුවෙන් තෝරාගන්න... ඔබේ දරුවන් වෙනුවෙන් තෝරාගන්න... රට වෙනුවෙන් තෝරාගන්න... අපිට මීට වඩා ජීවිතේ වටිනාකමක් තිබියයුතු බව සිතන්න... ඔබේ චන්දය වගකීමෙන් ප්‍රකාශ කරන්න... ඒ ඔබේ අයිතියි... ඔබට හෝ වෙන කිසිම කෙනෙකුට එය උදුරා ගන්නට ඉඩනොදෙන්න... ඔබෙන් පටන් ගන්න.. එය වෙනසේ ආරම්භයයි.
No comments:
Post a Comment