Saturday 24 September 2005

ඈ කවියකි
කඳුළු පිරිනු දෙනෙතින් යුතුව ඈ මේ ගයන්නේ
කඳුලින්ම ලියැවුනු ඇගේම ජීවන කවියයි
එත් ඒ අනුකම්පාව අපෙක්ෂාවෙන් නම් නොවෙයි
ඈ නීතියේ සරණ අයදින්නේද නැත
නමුත්ඈ දහමේ පිහිට පතයි
ඒ තිරිසන් වුන මනුෂ්‍යයත්වය
සැබෑ මිනිසත් බවක් ගන්නා තුරුයි
ඇගේ කවිය අසන්න
මේ කවිදාගේ කවියයි...

මව් දෙතනේ කිරි උරා බොන දා 
ඈ අහිංසකාවියකි;
බැළ මෙහෙවරට යටවී තම බාළවිය ගෙවන්නට ඌයෙන්
ඈ බාළ මෙහෙකාරියකි;
සිප්කිරි නොඋරාම මුළුතැන්ගෙයක මල්වරවන දා
ඈ දාසියකි;
සුදන වෙස්ගත් දුදන පිපාසෙක ගොදුර ඈ වූයෙන්
ඈ දූෂණය කරනු ලැබුවෙකි;
බිඳුනු පතිවත රැගෙන දෙමාපිය සරණ සොයන කල
ඈ එපා කරනලද දියණියකි;
විශ්වාසයක් නැති නමුදු යුග දිවියකට ප්‍රිය කළ සද
ඈ අපිරිසිඳු භර්ය්‍යාව්කි;
එරිය යුතුමුත් තම දෙතනේ කිරි නෝඑරෙනා දා  
ඈ අම්මා කෙනෙකි;
නොඉවසුම්, අසංවර, තිරිසන් ආළය එපා කී දා
ඈ වැන්දබුවකි;
පිටි කිරි වෙනුවට කොත්තමල්ලි දිය තම දූට පොවන අද 
ඈ මහමඟ හිගන්නියකි...

එත් තවමත් ඈ ගහැනියකි, වීර ගැහැනියකි
අගේ කවිය තවම ඉවර නොමත...

No comments:

Post a Comment